5th February 2026
ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ආර්. රාසික් RSP ndu ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2026 පෙබරවාරි මස 04 වන දින සේනාංක මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
යාපනය ශික්‍ෂණ රෝහලේ සම්බන්ධිකරන මධ්‍යස්ථානයේ වෛද්‍ය කේ. ශ්‍රීබස්කරන් මහතා සහ එම වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් වැඩසටහන සඳහා සහය ලබා දෙන ලදී.
මෙම වැඩසටහන සඳහා සියලුම පාබල බලසේනා සහ ඒකක නියෝජනය කරමින් හමුදා සාමාජිකයින් 122 ක් සහභාගී වූහ.