3rd February 2026
කඹුරුපිටිය, අභිමංසල 2 සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ජී.ආර් මධුගොඩ USP ගේ මඟ පෙන්වීම යටතේ 2026 ජනවාරි මස 18 වන දින එම සුවතා නිකේතන බහුකාර්ය ශාලාවේදී ධර්ම දේශනාවක් පවත්වනු ලැබීය.
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් විසින් පවත්වනු ලැබූ මෙම ධර්ම දේශනාව සඳහා එම සුවතා නිකේතන නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් හා එහි කාර්ය මණ්ඩලය සහභාගී වූ අතර, එහිදී උන්වහන්සේ සදාචාරාත්මක වටිනාකම් සහ සිහියෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.