9th February 2026
562 සහ 563 පාබල බලසේනාවන්හි භටපිරිස් විසින් Spirit of Giving සංවිධානය සමඟ එක්ව 2026 පෙබරවාරි මස 05 වන දින වවුනියාව, රාජේන්ද්‍රකුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේදී සහ වවුනියාව, මහකච්චකොඩිය රජයේ සිංහල මිශ්‍ර පාසලේදී දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන් සඳහා පොත් සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ.යූ.ඒ. සෝලංගආරච්චි RSP ndc psc, සහභාගී විය.
මෙම වැඩසටහන Spirit of Giving සංවිධානයේ සභාපතිනී රෝසි තුරින් මහත්මියගේ මූල්‍යමය අනුග්‍රාහකත්වයෙන් සහ ශෙසිල් රෝච් සහ සැවන්තා ද සේරම් යන මහත්වරුන්ගේ සහාය ඇතිව සංවිධානය කරන ලදී. එහිදී, දමිළ මිශ්‍ර පාසලේ 1 සිට 5 ශ්‍රේණිවල සිසුන් 57 දෙනෙකු සහ සිංහල මිශ්‍ර පාසලේ 1 සිට 5 ශ්‍රේණිවල සිසුන් 75 දෙනෙකුට පොත් පාර්සල් සහ ලිපි ද්‍රව්‍ය ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සහභාගී වූහ.