සිවිල් ක්‍රියාකාරකමි

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndu psc ගේ මඟපෙන්වීම යටතේ, එම සේනාංකයේ භටපිරිස් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී වූහ. 2026 අප්‍රේල් මස 06 දින අම්පාර මහා රෝහලේදී පැවැත්වුණු මෙම වැඩසටහන එම රෝහලේ රුධිර බැංකුව විසින් සංවිධානය කරන ලදී.


12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2026 අප්‍රේල් මස 06 දින දළුකාන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80ක් සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.


9 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වෙරුගල්, මුතුර්වාරම් ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස 2026 අප්‍රේල් මස 06 දින උත්සවාකාරයෙන් එම ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.


561 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි නෙදුන්කේනි රෝහලට 2026 අප්‍රේල් මස 03 වන දින බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවශ්‍ය ආපදා සහන සේවා කටයුතු සඳහා එම බලසේනාවේ භටපිරිස් කඩිනමින් කටයුතු කරනු ලැබීය.


යාපනය ශික්‍ෂණ රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc ගේ මඟ පෙන්වීම යටතේ යාපනය හෙද පුහුණු පාසලේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.


3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් 2026 මාර්තු 04 වන දින පොළොන්නරුව, නාමල් වැව ප්‍රාථමික විදුහලේ සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා වෛද්‍ය කඳවුරක් එම පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.


‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, 54 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් නානාට්ටන් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සමඟින් එක්ව 2026 මාර්තු මස 04 වන දින මන්නාරම, මඩුක්කරෛයි රජයේ දමිළ මිශ්‍ර පාසලේදී දන්ත සායනයක් සහ බෝ නොවන රෝග සායනයක් පවත්වන ලදී.


ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ 59 වන ජන්ම සංවත්සරයට සමගාමීව 2026 පෙබරවාරි මස 28 වන දින ආරණ්‍ය සේනාසනයේදී කොළඹ කාන්තා සංවිධානය සහ සුප්‍රීම් මාධ්‍ය ආයතනය සමඟ එක්ව ‘ජන සුව යාත්‍රා’ සමාජ සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.


55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.ජි.ඊ. හේරත් RSP USP ndu psc ගේ මඟපෙන්වීම යටතේ 551 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.බී.එම්.ආර්. කන්දේකුඹුර RSP USP ගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි ගැබිනි මව්වරුන් 22 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ සුභසාධන වැඩසටහනක් පවත්වනු ලැබීය.


යුද්ධ හමුදාව සහ Nature's Beauty Creations සමාගම එක්ව වවුනියාව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 137 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමේ සුභසාධන වැඩසටහනක් ගාමිණී මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී 2026 පෙබරවාරි මස 13 වන දින සංවිධානය කරන ලදී.