සිවිල් ක්‍රියාකාරකමි

මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය විසින් 2025 නොවැම්බර් මස 16 දින 17 වන කැන්බෝරියට සමගාමීව බෝගම්බර ක්‍රීඩාංගනයේදී පෝතක බාලදක්ෂ සැමරුම් දිනය සංවිධානය කරන ලදී.


නාරම්මල, දෙමටගහවෙල ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා රොෂාන් මහානාම පදනමේ සම්බන්ධීකරණයෙන් ඒ.බී. ඩීන් මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් සහ 571 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ හා 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මෙම නව නිවසක් ඉදිකර ලබා දෙන ලදී.


2025 නොවැම්බර් මස 12 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන පාබල සේනාංකයේ භටපිරිස් සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සභාවේ 170 වන සංවත්සරය වෙනුවෙන් එම සභාවේ පූජ්‍ය පක්‍ෂය එක්ව යාපනය, පුත්තූර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ සහ උඩුවිල් මුරුගමූර්ති විද්‍යාලයේ සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.


ලෝක දියවැඩියා දිනයට සමගාමීව යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් කොළඹ, යුද්ධ හමුදා මූලික රෝහලේදී දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 14 දින පවත්වන ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම සහ උපදෙස් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී. කුලතිලක ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 7 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ ඇඳුම් පැළඳුම් බෙදා දීමේ ප්‍රජා සුබසාධන වැඩසටහනක් සංවිධානය කරන ලදී.


ආරක්ෂක සේනාංකයේ - නැගෙනහිර භට පිරිස් විසින් දිඹුලාගල නිදන්වල ප්‍රාථමික විද්‍යාලයේ සහ දම්මින්න මහා විද්‍යාලයේ සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක සහ පාසල් පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 07 දින නිදන්වල ප්‍රාථමික විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 573 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ඔක්තෝබර් මස 29 දින බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන උත්සව ශාලාවේදී සංචාරකයින්ගේ ආරකෂාව පිළිබඳව එම ව්‍යපාරයේ නියලී සිටින අයවලුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.


ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැනට ප්‍රංශයේ පදිංචිව සිටින ඉනෝෂාන් සුරන් මහතා, ජර්මනිය, තුර්කිය සහ ඉන්දියාව ඇතුළු රටවල් 13ක් ආවරණය කරමින් පැරිසියේ සිට යාපනය දක්වා කිලෝමීටර් 10,000ක පාපැදි ගමනක් සම්පූර්ණ කළේය. 2025 සැප්තැම්බර් මස 1 දින සිය ගවේෂණය ආරම්භ කළ ඔහු 2025 ඔක්තෝබර් මස 23 දින සාර්ථකව යාපනයට පැමිණියේය.


ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 242 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 ඔක්තෝබර් මස 24 දින අම්/පානම මහා විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලදී.


7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් 2025 ඔක්තෝබර් මස 19 දින සේරුනුවර, 215 F සුභසාධන ප්‍රජා මධ්‍යස්ථානයේදී ප්‍රදේශවාසීන් සඳහා පුපුරණ ද්‍රව්‍ය වල අවදානම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. සේරුනුවර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.