561 පාබල බලසේනාවේ භටපිරිස් නෙදුන්කේනි රෝහලට ඇතිවූ ගංවතුර තත්ත්වයට කඩිනම් ප්‍රතිචාර දක්වයි

561 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි නෙදුන්කේනි රෝහලට 2026 අප්‍රේල් මස 03 වන දින බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවශ්‍ය ආපදා සහන සේවා කටයුතු සඳහා එම බලසේනාවේ භටපිරිස් කඩිනමින් කටයුතු කරනු ලැබීය.

තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා 16 වන බලඇණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආපදා සහන සේවා කණ්ඩායමක් කඩිනමින් යොදවන ලදී. එහිදී, එම කණ්ඩායම විසින් රෝහල් බලධාරීන් සමඟින් එක්ව ජලය ඉවත් කිරීම, වැලි කොට්ට දැමීම, රෝහලේ දෛනික වැඩකටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහාය ලබාදීම සිදු කරන ලදී.

යුද්ධ හමුදාවේ කඩිනම් ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහලේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමටත්, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ, රෝගීන්ගේ සහ දේපළවල ආරක්‍ෂාව තහවුරු කරගැනීමටත් හැකි විය.