23rd April 2026
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී. කුලතිලක ndc ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2026 අප්‍රේල් මස 20 වන දින පූනානි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පුනානි, පංච මහා විහාරස්ථානයේදී පවත්වන ලදී.
අතහිත නිර්මාතෘ ප්‍රසාද් ලොකු බාලසූරිය මහතාගේ අනුග්‍රාහක දායකත්වය සහ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමීව 37 වන වරටත් මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකරන ලදී. එහිදී, පවුල් 90 ක් සඳහා රු. 2,500.00 බැගින් වටිනා වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, වෛද්‍ය අමිල නලින්ද සිල්වා, වෛද්‍ය නදීර ජයවර්ධන සහ පූනානි ගම්මානයේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වූහ.