17th April 2026
6 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර පාරවිලයන ඒකකය සමඟ එක්ව 2026 මාර්තු මස 28 වන දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
රට පුරා පවතින රුධිර හිඟයට පිළියම් යෙදීමක් වශයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, සිවිල් වැසියන්ගේ සහ සෞඛ්‍ය අංශයේ යහපැවැත්ම සඳහා එහිදී, යුද්ධ හමුදා භටපිරිස් විසින් රුධිරය පරිත්‍යාග කරන ලදී.