23rd March 2026
යාපනය ශික්‍ෂණ රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc ගේ මඟ පෙන්වීම යටතේ යාපනය හෙද පුහුණු පාසලේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
උතුරු පළාතේ රෝහල්වල පවතින දැඩි රුධිර හිඟයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, 51 වන පාබල සේනාංකය, 512 පාබල බලසේනාව සහ පලාලි යුද්ධ හමුදා රෝහල ඒකාබද්ධව සංවිධානය කරන ලදී. එම පරිත්‍යාග වැඩසටහන සඳහා ප්‍රදේශවාසීන් 22 දෙනෙකු, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 160 දෙනෙකු සහභාගී වූහ.
පලාලි යුද්ධ හමුදා රෝහල සහ යාපනය ශික්‍ෂණ රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ව මෙම වැඩසටහන සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ සහාය ලබා දෙන ලදී.