10th April 2026
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndu psc ගේ මඟපෙන්වීම යටතේ, එම සේනාංකයේ භටපිරිස් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී වූහ. 2026 අප්‍රේල් මස 06 දින අම්පාර මහා රෝහලේදී පැවැත්වුණු මෙම වැඩසටහන එම රෝහලේ රුධිර බැංකුව විසින් සංවිධානය කරන ලදී.
24 පාබල සේනාංක මූලස්ථානයට අයත් භටපිරිස් 38 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.