යුද්ධ හමුදා භටපිරිස් විසින් දළුකාන ප්‍රදේශයේදී වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි

12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2026 අප්‍රේල් මස 06 දින දළුකාන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80ක් සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc සහභාගී විය.

මෙම වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය මේජර් ජෙනරල් කුමි පෙරේරා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශිරෝමි මාසකෝරාල මහත්මිය සහ හේමාස් (පෞද්ගලික) සමාගම විසින් සපයන ලදී.

මෙම අවස්ථාවට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී. කුලතිලක ndc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.