නුවරඑළිය වසන්ත මල් දැක්ම - 2026, තරඟයේදී යුද්ධ හමුදා භටපිරිස් සිය දක්‍ෂතා දක්වයි

නුවරඑළිය වසන්ත මල් දැක්ම - 2026, තරඟය 2026 අප්‍රේල් මස 17 දින සිට 18 දින දක්වා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වික්ටෝරියා උද්‍යානයේදී පැවැත්විණි.

ඒ සඳහා, සහභාගී වූ 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පහත සඳහන් කාණ්ඩ යටතේ දක්‍ෂතා දැක්වූහ:

නුවරඑළිය නගරයේ රාජ්‍ය අංශයේ හොඳම මල් වත්ත තේරීම තරඟය - ප්‍රථම ස්ථානය

හොඳම මල් වැට සකස් කිරීම තරඟය - ප්‍රථම ස්ථානය

උද්‍යානයේ හොඳම තණතිල්ල සකස් කිරීමේ තරඟය - දෙවන ස්ථානය