යුද්ධ හමුදා භට පිරිස් වෙරුගල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නිවසක් ඉදිකර දෙති

9 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වෙරුගල්, මුතුර්වාරම් ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස 2026 අප්‍රේල් මස 06 දින උත්සවාකාරයෙන් එම ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ. වීරසේකර WWV RWP RSP USP AUSWC psc මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

මෙම ඉදිකරන ලද නව නිවස සඳහා මූල්‍ය දායකත්වය සී. දිනේෂ් රණතුංග මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් සපයන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරෙින්, නිලධාරින්, සෙසු නිලයන්, රජයේ නිලධාරින් සහ ප්‍රතිලාභීන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් සහභාගී වූහ.