9th January 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 40 වන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් එම්.එම් තුසිත බණ්ඩාර USP AUSWC psc, 2026 ජනවාරි මස 06 වන දින එම විද්‍යාපීඨයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.
විද්‍යාපීඨ පරිශ්‍රය වෙත පැමිණි නව සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව, නව සේනාවිධායක විසින් සිනෝ - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී සියලු නිලයන් අමතමින්, අනාගතයට ගැළපෙන හමුදා නායකයින් බිහිකිරීම උදෙසා සාමූහික වගකීම, කැපවීමෙන් යුත් සේවය, විනය සහ වෘත්තීය විශිෂ්ටත්වය අත්‍යවශ්‍ය බවත්, එමෙන්ම ධනාත්මකව කටයුතු කිරීමේ වැදගත්කම සහ පුද්ගලික ජීවිතය සාර්ථක කරගැනීම පිළිබඳවත් පෙන්වා දුන්නේය.
පසුව, නව සේනාවිධායක නිලධාරී නිවස්නයේ පැවති සුහද හමුවකට සහ තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.
එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.