6th January 2026
1 බලකායේ 9 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc 2026 ජනවාරි මස 05 දින එම මූලස්ථානයේදී පැවති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.
ප්‍රධාන දොරටුව වෙත පැමිණි බලසේනාධිපති වෙත 1 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළ බලකාධිපති තම අනාගත දැක්ම පැහැදිලි කරමින් භට පිරිස් අමතනු ලැබීය. අනතුරුව කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවේ පැවති තේ පැන් සංග්‍රහයකටද එක් විය.