8th January 2026
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc, 2025 දෙසැම්බර් මස 29 වන දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම රෙජිමේන්තුවේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස සිය ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නව රෙජිමේන්තු අධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව, රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමා, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව, නව රෙජිමේන්තු අධිපති භටපිරිස් අමතමින්, රෙජිමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් තම ඉදිරි දැක්ම සහ ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.
උත්සවයේ කටයුතු අවසන් කරමින් නව රෙජිමේන්තු අධිපති සියලු නිල තේ පැන් සංග්‍රහයක්, සඳහා සහභාගී වී සමූහ ඡායාරූපයක් සඳහා පෙනි සිට නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගි විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.