6th January 2026
තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැවති සරල උත්සවයකදී බ්‍රිගේඩියර් එම්.ආර්. හමීම් USP ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ලෙස 2026 ජනවාරි මස 02 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
ධුරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව, අධ්‍යක්ෂ සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් පවරනු ලබන වගකීම් සිදු කිරීමේදී විනය, සාමූහිකත්වය සහ කැපවීමේ වැදගත්කම අවධාරණය කළේය.
එසේම, නවීන යුද මෙහෙයුම් සඳහා සහය දැක්වීමේදී තොරතුරු තාක්ෂණයේ කාර්යභාරය පිළිබඳවද ඔහු අවධාරණය කළ අතර, කැපවීමෙන් යුතුව රාජකාරි ඉටු කිරීමට සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් දිරිමත් කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.