4th January 2026
55 පාබල සේනාංකයේ 30 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.එම්.ජි.ඊ හේරත් RSP USP ndu psc 2026 ජනවාරි මස 02 දින කිලිනොච්චි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී රාජකාරින් භාරගන්නා ලදී.
සේනාංක මූලස්ථානය වෙත පැමිණි නව සේනාංකාධිපතිව බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරින් විසින් පිළිගනු ලැබූ අතර, පසුව 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති විසින් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ අතර, පසුව භට පිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකධිපති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එක්විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලය සහභාගී වූහ.