නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

2026-01-06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ සිය ධූරයේ රාජකාරි අර

තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැවති සරල උත්සවයකදී බ්‍රිගේඩියර් එම්.ආර්. හමීම් USP ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ලෙස 2026 ජනවාරි මස 02 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

2026-01-05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂ සිය ධූරයේ රාජකාර

බ්‍රිගේඩියර් ඩබ්ලිව්. එස්. රවීන්ද්‍ර කුමාර USP lsc විසින් 2026 ජනවාරි මස 01 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී. තනතුරේ රාජකාරීන් භාර ගැනීමෙන් පසු අධ්‍යක්ෂ විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී.

තව කියවන්න

55 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

2026-01-04
55 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

55 පාබල සේනාංකයේ 30 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.එම්.ජි.ඊ හේරත් RSP USP ndu psc 2026 ජනවාරි මස 02 දින කිලිනොච්චි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී රාජකාරින් භාරගන්නා ලදී.

තව කියවන්න

11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

2026-01-04
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ RSP USP ndc psc IG 2025 දෙසැම්බර් මස 29 දින පල්ලෙකැලේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරින් භාරගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි අරඹයි

2026-01-02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ධූරයේ

බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී මාපලගම psc 2025 දෙසැම්බර් මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

තව කියවන්න

බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාවප්‍රාප්ත වෙයි

2026-01-02
බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාව

බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 ජනවාරි මස 01 දින කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 55 වන වියේ පසු විය.

තව කියවන්න

55 වන පාබල සේනාංකයේ 29 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2025-12-31
55 වන පාබල සේනාංකයේ 29 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

55 වන පාබල සේනාංකයේ 29 වන සංවත්සරය 2025 දෙසැම්බර් මස 15 වන දින කිලිනොච්චියේ පිහිටි එම සේනාංකයේදී සමරනු ලැබීය.


සංවත්සර සැමරුමට සමගාමීව, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියසදී ධජයන් වෙත ආශිර්වාද එක්කිරීමේ ආගමික වැඩසටහනක් සහ කිලිනොච්චිය ශාන්ත තෙරේසා දේවස්ථානය, ලුම්බිණි විහාරය සහ කන්දසාමි කෝවිලේදී තවත් ආගමික වැඩසටහන් පවත්වන ලදී. තවද, රට වෙනුවෙන් දිවිපිදූ විරුවන් සිහිපත් කිරීම සඳහා අලිමංකඩ රණවිරු ගාමිණී කුලරත්න ස්මාරකය ඉදිරිපිට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් ද පවත්වන ලදී.

තව කියවන්න

බ්‍රිගේඩියර් අයි.එච්.එස් විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාවප්‍රාප්ත වෙයි

2025-12-31
බ්‍රිගේඩියර් අයි.එච්.එස් විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාවප්‍

බ්‍රිගේඩියර් අයි.එච්.එස් විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් මස 30 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 63 වන වියේ පසු විය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදේශ මෙහෙයුම් සිය ධූරයේ රාජකාරි අරඹයි

2025-12-30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදේශ මෙහෙයුම් සිය ධූරයේ රාජක

යුද්ධ හමුදා මූලස්ථානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් එස්.පී වික්‍රමසේකර RWP RSP USP psc විසින් 2025 දෙසැම්බර් මස 29 වන දින සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

තව කියවන්න

අභිමංසල –1 සුවතා නිකේතනයේ දී නත්තල වෙනුවෙන් වැඩසටහනක් පවත්වයි

2025-12-26
අභිමංසල –1 සුවතා නිකේතනයේ දී නත්තල වෙනුවෙන් වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ සංකල්පයක් මත අනුරාධපුර, අභිමංසල –1 සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.ආර්.අයි.බී රණතුංග RSP USP ගේ මඟපෙන්වීම යටතේ, 2025 දෙසැම්බර් මස 23 වන දින එම සුවතා නිකේතනයේදී අනුරාධපුර පදවිරදගුරු මහාචාර්ය නෝබට් අන්රාදි රදගුරුතුමන් විසින් අභිමංසල –1 සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත ආශිර්වාද කිරීමේ දේව මෙහෙයක් පවත්වන ලදී.

තව කියවන්න