යුද්ධ හමුදා විශේෂාංග
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව සුභසාධක අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 41 වන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ආර්.එම්.සී රත්නායක RWP RSP USP ndc විසින් 2025 දෙසැම්බර් මස 11 වන දින ආගමික වතාවත් මධ්‍යයේ නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG විසින් 2025 දෙසැම්බර් මස 06 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.
ජර්මානු ෆෙඩරල් සන්නද්ධ ගුවන් හමුදා ජංගම කණ්ඩායමක් ශ්‍රී ලංකා ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත
එක්සත් ජාතීන්ගේ සාම සාධක පුහුණු වැඩසටහන් පැවැත්වීමේ හැකියාව තක්සේරු කිරීම සඳහා ජර්මානු ෆෙඩරල් සන්නද්ධ හමුදාවන්හි එක්සත් ජාතීන්ගේ ජංගම පුහුණු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සාම සාදක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත 2025 දෙසැම්බර් මස 01 දින පැමිණෙන ලදී.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc 2025 දෙසැම්බර් මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.
ධූරයෙන් නික්ම යන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ගෞරවාචාරය
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකර ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී. කුරේ RWP RSP USP ndc psc වෙත ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2025 දෙසැම්බර් මස 05 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සංඥා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා සංඥා බලකායේ 19 වන බලකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.එම්.ජි. බණ්ඩාරනායක USP ndc psc 2025 දෙසැම්බර් මස 01 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
12 පාබල සේනාංකයේ නව සේනාංකාධි ධූරයේ රාජකාරි අරඹයි
12 පාබල සේනාංක මූලස්ථානයේ 21 වන නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.පී.කේ.එල්. අමරසිංහ WWV RWP RSP ndc විසින් 2025 දෙසැම්බර් මස 04 දින එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
21 වන පාබල සේනාංකය රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි
වකුගඩු, පිළිකා සහ තැලසීමියා රෝගීන් සඳහා පවතින රුධිර හිඟයක් සම්බන්ධයෙන් අනුරාධපුර රෝහලේ රුධිර බැංකුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව, 21 වන පාබල සේනාංකය විසින් ක්ෂණික ජංගම රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
පානදුර කර්මාන්ත ශාලාවක ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහය
2025 නොවැම්බර් මස 24 දින පානදුර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් ප්‍රධාන ගොඩනැගිල්ලට සහ යාබද ගබඩා ප්‍රදේශවලට විශාල හානි සිදුවිය.
වවුනියාව ප්‍රදේශයේ පෞද්ගලික සමාගම් ප්‍රදර්ශනාගාරයක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහාය
2025 නොවැම්බර් මස 25 දින වවුනියාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් ප්‍රදර්ශනාගාරයක හටගත් ගින්නකින් ගොඩනැගිල්ලට සහ එහි තිබූ උපකරණ සහ භාණ්ඩවලට හානි සිදුවිය.