3rd January 2026
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ RSP USP ndc psc IG 2025 දෙසැම්බර් මස 29 දින පල්ලෙකැලේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරින් භාරගන්නා ලදී.
සේනාංක මූලස්ථානය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, නව සේනාංකාධිපති සියලු නිල නිලධාරි ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලය සහභාගී වූහ.