2nd January 2026
බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 ජනවාරි මස 01 දින කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 55 වන වියේ පසු විය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ දේහය මහජන ගෞරවය සඳහා කැලණිය, ගෝනවල, බොල්ලෑගල, පාසල් පටුමග, අංක 264/4/P6 දරන නිවසේ තැන්පත් කර ඇත.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2026 ජනවාරි මස 04 දින සවස 4.00 ට කැලණිය, සේපාල ආදාහනාගාරයේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරනු ලබයි.