යුද්ධ හමුදා විශේෂාංග
යුද්ධ හමුදා නව විධායක ජෙනරාල් ධූරයේ රාජකාරි අරඹයි
යුද්ධ හමුදාවේ 42 වන විධායක ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ RWP RSP USP rcds psc, 2026 ජනවාරි මස 27 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
යාපනය ප්‍රදේශයේදී දිවිපිදූ ඉන්දීය සාම සාධක රණවිරුවන් අනුස්මරණය කරයි
වර්ෂ 1987-1990 කාලය තුලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙරටදී සටන් වැදුණු ඉන්දීය සාම සාධක හමුදාවේ දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව 2026 ජනවාරි මස 26 දින පලාලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ යාපනය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සහයෝගය ඇතිව මෙම අනුස්මරණ උත්සවය සංවිධානය කරන ලදී.
නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ රාජකාරි අරඹයි
34 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වශයෙන් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc 2026 ජනවාරි මස 27 වන දින සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
ධූරයෙන් නික්ම යන ඉංජිනේරු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක වෙත එම බලකායේ ගෞරවාචාරය
ධූරයෙන් නික්ම යන ඉංජිනේරු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස කටයටුතු කරන ලද මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc, වෙත හමුදා ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2026 ජනවාරි මස 17 වන දින සංවිධානය කරන ලදී.
ඉංජිනේරු සේවා බලකායේ 17 වන කර්නල් සේනාවිධායක සිය ධූරයේ රාජකාරි අරඹයි
ඉංජිනේරු සේවා බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් වයි.කේ.එස් රංගික psc ptsc, 2026 ජනවාරි මස 19 වන දින එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
විශ්‍රාම දිවියට එලඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඉංජිනේරු බලකායේ ගෞරවාචාරය
නුදුරේදී විශ්‍රාම දිවියට එලඹෙන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc වෙත හමුදා ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2026 ජනවාරි මස 18 වන දින සංවිධානය කරන ලදී.
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල 41 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 41 වන සංවත්සරය වෙනුවෙන් 2026 ජනවාරි මස 14 වන දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත ගෞරවාචාරය
වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් පලාලි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී 2026 ජනවාරි මස 14 වන දින සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම් පෙරේරා 2026 ජනවාරි මස 15 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරු මත දිවයින පුරා එ්කාබද්ධ මත්ද්‍රව්‍ය වැටලීම්
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු මත, 2026 ජනවාරි මස 14 වන දින යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් වලදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.