යුද්ධ හමුදා විශේෂාංග
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සිය 13 වන සංවත්සරය දිනය සමරයි
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සිය 13 වන සංවත්සර දිනය 2026 මාර්තු මස 14 දින වැඩසටහන් මාලාවක් සමඟින් සමරනු ලැබීය.
කෑගල්ල ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය
2026 මාර්තු මස 12 වන දින කෑගල්ල, පුවක්දෙණිය, නිල්වක්ක ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් 572 පාබල බලසේනාවේ උපදෙස් මත 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සාර්ථකව මැඩපැවත්වන ලදී.
ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙහි Logistics Day – 2026 වෙනුවෙන් වැඩසටහනක්
ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙහි කළමනාකරණ, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨයේ කළමනාකරණ හා මූල්‍ය අංශය විසින් සංවිධානය කරන ලද Logistics Day 2026 දිනට සමගාමීව, එම විශ්ව විද්‍යාලයෙහි සිසුන් පිරිසක් විසින් 2026 මාර්තු මස 12 වන දින උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛා සම්මන්ත්‍රණ ශාලාවේදී Logistics Time සඟරාවේ පළකිරීම සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ භඨකාර්ය සම්පාදන නිලධාරීන් සමඟින් සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී.
වත්කම් කළමනාකරණ අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරී අරඹයි
යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී 20 වන වත්කම් කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.ආර්. හේවාපතිරණ lsc, 2026 මාර්තු මස 10 දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
රණක්ෂිතයට පත් රණවිරුවන් නාවික සංචාරයකට එක්වෙයි
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානය, මිහිඳු සෙත් මැදුර සහ අභිමංසල 1, 2, සහ 3 සුවතා නිකේතනයන්හි ප්‍රථිකාර ලබන රණවිරුවන් පිරිසක් වෙනුවෙන් විශේෂ නාවික සංචාරයක් සංවිධානය කර තිබුණි.
Wavenden වන රක්ෂිතයේ ඇති වූ ගින්නක් යුද්ධ හමුදා භට පිරිස් කඩිනමින් මැඩපවත්වයි
2026 මාර්තු මස 07 දින රම්බොඩ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ පිහිටි Wavenden වන රක්ෂිතයේ හදිසියේ හටගත් ලැව්ගින්නකට ප්‍රතිචාර දක්වමින් 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් වහා ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 10 වන තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් පී.ඩබ්ලිව්.එම්.එම්.ඩී. විජේරත්න RSP USP ndc 2026 මාර්තු මස 06 වන දින සිය ධූරයේ රාජකාරි ගන්නා ලදී.
51 වන පාබල සේනාංකයේ භටපිරිස් නාගදීප පුරාණ රජමහා විහාරයේ දී දානමය පිංකමක් සිදුකරයි
51 වන පාබල සේනාංකය විසින් 2026 මාර්තු මස 01 වන දින ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේදී දී දානමය පිංකමක් සිදුකරන ලදී.
1 වන බලකායේ භටපිරිස් “Corps Creators Expo” නවෝත්පාදන ප්‍රදර්ශනය 2026 පවත්වත්වයි
යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් 1 වන බලකායේ භටපිරිස් විසින් නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී ‘Corps Creators Expo’ නවෝත්පාදන තරඟය 2026 පෙබරවාරි මස 19 සහ 20 යන දිනයන්හිදී පවත්වන ලදී.
57 වන පාබල සේනාංකය සිය 19 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
57 වන පාබල සේනාංකයේ 19 වන සංවත්සරය එම පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.වී. කොඩිතුවක්කු ndu ගේ මඟ පෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ 2026 පෙබරවාරි 26 වන දින සමරනු ලැබීය.