යුද්ධ හමුදා විශේෂාංග
අභිමංසල 3 හි නේවාසික රණවිරුවන් වෙනුවෙන් නත්තල් උත්සවයක් සහ තෑගි බෙදාදීමේ වැඩසටහනක්
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත අභිමංසල 3 හි පිහිටි වෙල්නස් රිසෝට් හිදී 2025 දෙසැම්බර් මස 23 දින නත්තල් සැමරුම් වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් රජයට රුපියල් මිලියන 8.5 ක ඉතිරියක්
යුද්ධ හමුදාවේ භාවිත වන ජෛව වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නඩත්තු කිරීම සහ නවෝත්පාදනය කිරීම මගින් යුද්ධ හමුදාවේ මෙහෙයුම් සූදානම අඛණ්ඩව සහතික කරනු ලබයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 16 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc විසින් 2025 දෙසැම්බර් මස 18 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
Upon his arරෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි නව බලකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව බලකාධිපති විසින් සියලු නිලයන් අමතමින් බලකායේ අරමුණු ඉටු කර ගැනීමට කණ්ඩායම් හැඟීමෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.
සියලු නිල තේ පැන් සංග්‍රහයකින් දිනයේ වැඩකටයුතු අවසන් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව රණවිරුසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ආර්.ජී. එල්.කේ. වීරකෝන් RWP RSP විසින් 2025 දෙසැම්බර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදි.
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි අංශය විසින් ඒකාබද්ධ වැටලීමකින් නීති විරෝධී භාන්ඩ තොගයක් අත්අඩංගුවට
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි අංශය වෙත ලද තොරතුරු වලට අනුව 2025 දෙසැම්බර් මස 17 වන දින පොලිස් අපරාධ විමර්ශන ඒකකයන් සමඟ මන්නාරම සහ මාතලේ ප්‍රදේශයන්හිදී සිදුකල වැටලීම් වලින් නීති විරෝධී භාන්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
විශේෂ බලකායේ නව රෙජිමේන්තු අධිපති සිය ධූරයේ රාජකාරින් අරඹයි
විශේෂ බලකායේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ වීරසේකර WWV RWP RSP USP AUSWC psc විසින් 2025 දෙසැම්බර් මස 15 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සිය ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 13 වන ප්‍රධාන සංඥා නිලධාරි ලෙස මේජර් ජෙනරල් කේ.එම්.ජී. බණ්ඩාරනායක USP ndc psc විසින් 2025 දෙසැම්බර් මස 16 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවති උත්සවයකදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
ආපදා සහන මෙහෙයුම්වල නියැලී සිටින යුද්ධ හමුදා සාමාජිකයන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යමගේ පැසසුමට
දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සහන සේවා මෙහෙයුම් සිදුකරනු ලැබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් විසින් සිදුකරන ලද එම ආදර්ශමත් සේවය ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP විසින් 2025 දෙසැම්බර් මස 17 වන දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී පැසසුමට ලක්කරන ලදී.
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ නව සේනාවිධායක සිය ධූරයේ රාජකාරි අරඹයි
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ 12 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩී.අයි.එස් ජයසිංහ ndc psc විසින් එම පුහුණු පාසලේදී 2025 දෙසැම්බර් මස 15 වන දින ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සිය ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP විසින් 2025 දෙසැම්බර් මස 12 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.