2025-12-31
බ්‍රිගේඩියර් අයි.එච්.එස් විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාවප්‍රාප්ත වෙයි
බ්‍රිගේඩියර් අයි.එච්.එස් විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් මස 30 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 63 වන වියේ පසු විය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය 2025 දෙසැම්බර් මස 31 දින සිට අවසන් ගෞරව දැක්වීම සඳහා අස්වැද්දුම උයන, මිල්ලපිටිය, කුරුවිට ප්‍රදේශයේ පිහිටි එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිවසේ තැන්පත් කර ඇත.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2026 ජනවාරි මස 02 දින සවස 4.00 ට පුස්සැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරනු ලබයි.