31st December 2025
55 වන පාබල සේනාංකයේ 29 වන සංවත්සරය 2025 දෙසැම්බර් මස 15 වන දින කිලිනොච්චියේ පිහිටි එම සේනාංකයේදී සමරනු ලැබීය.
සංවත්සර සැමරුමට සමගාමීව, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියසදී ධජයන් වෙත ආශිර්වාද එක්කිරීමේ ආගමික වැඩසටහනක් සහ කිලිනොච්චිය ශාන්ත තෙරේසා දේවස්ථානය, ලුම්බිණි විහාරය සහ කන්දසාමි කෝවිලේදී තවත් ආගමික වැඩසටහන් පවත්වන ලදී. තවද, රට වෙනුවෙන් දිවිපිදූ විරුවන් සිහිපත් කිරීම සඳහා අලිමංකඩ රණවිරු ගාමිණී කුලරත්න ස්මාරකය ඉදිරිපිට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් ද පවත්වන ලදී.
සංවත්සර දිනයේදී, 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. එම්. ඒ. බී විජේකෝන් USP ndc වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයයේ ගෞරවාචාරයන් පිරිනමන ලද අතර, පසුව සාම්ප්‍රදායික සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
සැමරුම් උත්සවයට අමතරව ක්‍රිකට්, වොලිබෝල් සහ බැඩ්මින්ටන් තරඟාවලිද පවත්වන ලද අතර, එහිදී කැපී පෙනෙන ක්‍රීඩා දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් වෙත සම්මාන හා ත්‍යාග ප්‍රදානය කරන ලදී.