26th December 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ සංකල්පයක් මත අනුරාධපුර, අභිමංසල –1 සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.ආර්.අයි.බී රණතුංග RSP USP ගේ මඟපෙන්වීම යටතේ, 2025 දෙසැම්බර් මස 23 වන දින එම සුවතා නිකේතනයේදී අනුරාධපුර පදවිරදගුරු මහාචාර්ය නෝබට් අන්රාදි රදගුරුතුමන් විසින් අභිමංසල –1 සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත ආශිර්වාද කිරීමේ දේව මෙහෙයක් පවත්වන ලදී.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.එන්.කේ පෙරේරා සහභාගි විය. උත්සව අවස්ථාව අතරතුරදී පැවති නත්තල් කැරොල් ගීත ගායනා කිරීමෙන් පසු එම රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මේජර් ජෙනරල් කේ.ජී.යූ.ටී. ජයසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.