68 පාබල සේනාංකයේ භටපිරිස් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා ඇස් කණ්ණාඩි ලබාදෙයි

8th October 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් සඳහා දකුණු කොළඹ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහය ඇතිව අක්ෂි සායනයක් පසුගියදා සංවිධානය කරන ලදී. එම සායනයේදී දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 125 දෙනෙකු වෙත අදාල ප්‍රථිකාර කටයුතු සිදුකරනු ලැබීය.

අක්ෂි සායනයෙන් අනතුරුව 68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස්වල සහය ඇතිව පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින එම දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ගේ නිවෙස් වෙතටම ගොස් ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදී.

ආචාර්ය වී සර්වේශ්වරන් මහතා මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා මුල්‍යමය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.