541 පාබල බලසේනාව යෝජිත ‘පොල් ත්‍රිකෝණය‘ ව්‍යපෘතිය සඳහා දායකත්වය ලබා දෙයි
16th December 2023
වන්නි කලාපයේ දැනට ක්‍රියාත්මක වන පොල් පැල වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, ලබාදුන් උපදෙස් මත 54 පාබල සේනාංකයේ 541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පොල් පැල 800ක් මන්නාරම සහ අවට ප්‍රදේශවල තෝරාගත් පොල් වගාකරුවන් අතර බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සදුදා (දෙසැම්බර් මස 11) දින සිදුකරනු ලැබූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ මූලිකත්වයෙන් හා 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මෙම පොල් පැල තෝරා ගත් පවුල් වෙත නොමිලේ බෙදාදෙන ලදී.
උතුරු පළාතේ යෝජිත ‘දෙවන පොල් ත්‍රිකෝණය’ සති කිහිපයකට පෙර ආරම්භ කිරීමෙන් පසු එම ව්‍යාපෘතිය සඳහා වන්නි ප්‍රදේශයේ භටපිරිස් සිය දායකත්වය දක්වයි.