ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක්

2nd December 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දෙවන පොල් ත්‍රිකෝණය වැඩසටහන සඳහා සහයෝගය දක්වමින් 2023 නොවැම්බර් මස 23 දින මරවන්කුලම් ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් සහ ගොවී ප්‍රජාව වෙත පොල් පැළ 975 ක් බෙදාදෙනු ලැබීය. v563 පාබල බලසේනාවට අයත් 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2023 නොවැම්බර් මස 25 සිට 27 දින දක්වා කාලය තුළ කොක්එළිය, රඹවිට්ටි, නොච්චිමුටෙයි, පර්නටකල්ලු, වේලසිහකුලම් සහ අරසමුරිප්පු යන ප්‍රදේශවල වැසියන් වෙනුවෙන් පොල් පැළ 750 ක් බෙදාදෙනු ලැබීය. 562 පාබල බලසේනාවට අයත් 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ජාතිය ගොඩනැගීමේ වැඩසටහනේ කොටසක් ලෙස 2023 නොවැම්බර් මස 22 සහ 23 දෙදින තුළ පෙරියකාඩු ප්‍රදේශයේදී පැළ 1000 ක් බෙදාදෙනු ලැබිණි.

රටේ දෙවන ‘පොල් ත්‍රිකෝණය’ උතුරු ප්‍රදේශයේ ස්ථාපිත කිරීම තුළින් කලාපයේ පොල් කර්මාන්තය පුනර්ජීවනය කර දේශීය ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලීමේ ජාතික සැලැස්මේ කොටසක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ‘පොල් ත්‍රිකෝණය’ වැඩසටහනේ පළමු අදියර මීට පෙර මුලතිව්හිදී විවෘත කළ අතර වන්නි කලාපය තුළ එහි දෙවන අදියර ක්‍රියාත්මක කෙරේ.