24 පාබල සේනාංකයේ මුලිකත්වයෙන් අම්පාර ප්‍රදේශයේ බාලිකා පාසල් දෙකක සිසුවියන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්.

28th December 2023

අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය සහ දමන මහා විද්‍යාලයේ ගුරුභවතුන්ගේ ඉල්ලීමකට අනුව 24 පාබල සේනාංකයේ භට පිරිස් විසින් එම පාසල් හි සිසුවියන් 90 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින පවත්වන ලදී.

පන්තිකාමර විෂය මාලාවට අමතරව මූලික නායකත්ව ගුණාංග සහ වගකීම් සහිත පුරවැසියන් බිහිකිරීම අරමුණු කරගමින් 24 පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් සැලසුම් කරන ලද, මෙම වැඩමළුවට විනය, ආචාර විධි, තීරණ ගැනීම,කළමනාකාරිත්වය, විනය පවත්වාගැනීම, ආත්ම විශ්වාසය, ගරුත්වය,ඵලදායිතාවය , ඉවසීම, සමාජානුයෝජනය, සන්නිවේදනය, ආදී කුසලතාවන් ප්‍රගුණ කිරීමේ කරුණු සම්බන්දයෙන් දැනුම ලබාදෙන ලදී.

නායකත්ව වැඩසටහනට සහභාගී වූ සිසුන් අතර රුක් රෝපණ පුරුදු ඉහළ නැංවීමේ අරමුණින් 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් මී පැළ 90 බෙදා දෙනලදී. එසේම වැඩමුළුවට සහභාගී වූ ගුරුවරුන්, පාසල් සිසු සිසුවියන් සදහා දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා 24 පාබල සේනාංකය යටතේ රාජකාරී සිදුකරන ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.