11 විජයබාහු පාබල රෙජිමේන්තුව මාවලි පෙරපාසලේ ළමුන් සඳහා දිවා ආහාරය සහ පොත්පත් බෙදාදීමක් සිදුකරයි
2nd September 2024
11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කරණවායි, මාවලි පෙරපාසලේ දරු දැරියන් වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් 2024 අගෝස්තු මස 28 දින පිරිනමන ලදී.
මෙම වැඩසටහන එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඊ.ජි.ජේ.පී. එදිරිසිංහ යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.
එම වැඩසටහනේ අවසානයට පෙර පෙරපාසල් දරු දැරියන් වෙත පාසල් පොත්පත් බෙදාදීමද සිදුකෙරෙණි.
මෙම අවස්ථාවට ගුරුවරුන්, දෙමාපියන් සහ ප්‍රදේශයේ ජනතාවද සහභාගී වූහ.