මදුරකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය වටා කම්බි වැටක් ඉදිකිරීමට 18 ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි දායකත්වය

19th September 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ උපදෙස් හා 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩී.ඒ.කේ. පලිහේන ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 07 දින මදුරකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය වටා ආරක්‍ෂිත කටු කම්බි වැටක් ඉදිකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව සිදුකරනු ලැබූ මෙම සමාජ සත්කාරක වැඩසටහන එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික දරු දැරියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකරනු ලැබීයි. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව වෙතින් සපයනු ලැබීය.