මඩකලපුවේදී ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ පාපන්දු තරඟයක් පවත්වයි
29th August 2024
මඩකලපුව ප්‍රදේශයේ පාපන්දු කණ්ඩායම් සඳහා අත්‍යාවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ පාපන්දු තරඟයක් මඩකලපුව වෙබර් පාපන්දු පිටියේදී 2024 අගෝස්තු මස 27 දින පැවැත්විණි.
7 ගැමුණු හේවා බලකායේ සම්බන්ධීකරණයෙන් පුනානි ප්‍රාදේශිය යුධෝපකරණ ගබඩා සංකීර්ණයෙහි සේනාවිධායක කර්නල් බි.එස්.ඩි. බුලත්ගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් හා එංගලන්තයේ ලිවර්පෝල් ප්‍රදේශයේ පදිංචි ලාන්ස් ගිබ්බොන්ස්, ඩානි මැග්ඩොනල් හා ලෝඩ් ස්ටිවන් රිචට්සන් යන අයගේ අනුග්‍රාහක දායකත්වය මත මෙම අත්‍යාවශ්‍ය ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කරන ලදී.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.