ආරක්‍ෂක සේනා - මධ්‍යම භටපිරිස් ලැව්ගින්නක් මැඩපවත්වයි

22nd September 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් 2024 සැප්තැම්බර් මස 21 දින සාර්ථකව ලැව්ගින්නක් මැඩපවත්වනු ලැබීය.

දියතලාව, ගල් ඒදන්ඩ ප්‍රදේශයේ හටගත් ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 3 දෙනෙක් සහ සෙසුනිලයින් 62 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.

යුද්ධ හමුදා සාමාජිකයන් කඩිනමින් ක්‍රියාත්මක වී කටයුතු කළ බැවින් සිවිල් වැසියන්ගේ ජීවිත සහ දේපළවලට කිසිදු හානියක් සිදු නොවූ අතර, ආසන්න වශයෙන් අක්කර 10 ක පමණ වනාන්තර ප්‍රදේශයක් එහිදී ගිනිගෙන තිබිණි.