11 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි
9th September 2024
11 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් අම්පාර මඩවලලන්ද ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී. 241 පාබල බලසේනාවේ ආඥාපතිගේ සහ 11 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්.පී.සී. හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ මෙම කාර්යය සිදුකරන ලදි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී පිඑස්සී සහභාගී වූ අතර 2024 සැප්තැම්බර් මස 03 දින නිවාස ප්‍රතිලාභියාවෙත එම නිවසේ යතුරු ප්‍රදානය කරන ලදී.
එදින 241 පාබල බලසේනාව විසින් දමන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන් 32 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය පාර්සල් බෙදා දීම සිදු කරන ලද අතර, මේ සඳහා හේමාස් (HEMAS) සමාගම විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී. අඩු ආදායම් ලාභී පවුල් වල ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජිවනතත්ත්වය ඉහල නැංවීම මෙහි අරමුණ විය.
මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්,සෙසු නිලයන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.