12 පාබල සේනාංකයේ භටපිරිස් බුන්දල කනිෂ්ඨ විද්‍යාලයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සදහා පාසල් උපකරණ පරිත්‍යාග කරයි
9th May 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ‘වෙසක්’ පොහොය නිමිතිකරගෙන මැයි මස 04 වන දින හම්බන්තොට, බුන්දල කනිෂ්ඨ විද්‍යාලයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 59 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
විද්‍යාලයීය පරිශ්‍රයේ පැවැති එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහභාගී විය.
මෙම ව්‍යාපෘතිය සඳහා 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සම්බන්ධීකරණයෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදේශගත ආදි සිසුන් වන නිලන්ති පොන්නම්පෙරුම මහත්මිය සහ චමින්ද පොන්නම්පෙරුම මහතා විසින් අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.
මෙම වැඩසටහන 122 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 23 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු අතර, එහිදි පාසල් සිසුන් සඳහා රුපියල් 2500/= ක වටිනා කමින් යුත් පොත්පත්, පෑන්, පැන්සල්, ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කරන ලදී.
පරිත්‍යාග වැඩසටහන සඳහා 12 සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 23 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ එම පාසලේ කාර්යය මණ්ඩලය සහභාගී වූහ.