9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ආබාධිත දරුවෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කරයි
10th May 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් වෙසක් පොහොය නිමිත්තෙන් ඉකුත් සිකුරාදා (මැයි 05) දින මුලතිව්, සුගන්දිපුරම් හි පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් පවුලක 15 හැවිරිදි ආබාධිත දරුවෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ 681 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී.පී ගුණතුංග ගේ මඟපෙන්වීම යටතේ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.පී.අයි. කුමාරගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ප්‍රතිලාභියාගේ නිවසට ගොස් දෙමාපියන් වෙත රෝද පුටුව භාරදෙන ලදී.
රෝද පුටුව මිලදී ගැනීම සඳහා 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි සහ එම ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් දායකත්වය දක්වන ලදී. රෝද පුටුව පරිත්‍යාග කරන අවස්ථාව සඳහා 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.