142 පාබල බලසේනාවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනකට දායක වෙති

10th May 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනා මූලස්ථානයේ භටපිරිස් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහයෝගයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය වෙතින් මැයි මස 04 දින පැවැත්වූ ලේ දන්දීමේ කඳවුරට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

මෙම ලේ දන්දීමේ කඳවුරේදී 142 පාබල බලසේනාවේ නිලධාරින් සහ සෙසුනිලයන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 80 දෙනෙකු සිය රුධිරය පරිත්‍යාග කළහ.