වෙසක් පුර පසලොස්වක පෝය දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් වැඩසටහන් රැසක්
10th May 2023
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ‘බුද්ධ පූර්ණිමා’ වෙසක් කලාපය විශේෂාංග කිහිපයක් සමඟින් මැයි මස 5 දින සිට 7 දින දක්වා පැවැත්විණි.
වෙසක් කලාපයේ ආරම්භය සනිටුහන් කරමින් ආගමික සහජීවනය නඟාසිටුවීම සහ දමිළ ප්‍රජාව හා යුද්ධ හමුදා භටපිරිස් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේදී ධර්ම දේශනාවක් පැවැත්වීය.
මෙම වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ පදිංචි ජනතාව වෙනුවෙන් යාපනය ‘ටී’ මංසන්දියේදී කොස් දන්සැලක් පැවැත්විණි. එමෙන්ම, 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙතින් මැයි මස 5 සිට 7 දින දක්වා කාලය තුළ මඤ්ඤොක්කා දන්සැලක් සහ 3 ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් කඩල දන්සැලක් ද පවත්වන ලදී. සෑම කඳවුරක් ඉදිරිපිටම ‘වෙසක්’ පහන් කූඩු ප්‍රදර්ශනය කර තිබුණි.
3 ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් මැයි මස 7 දින බෙලිමල් සහ රොටි දන්සැලක් ද පැවැත්වීය. උත්සවයේ තවත් වැදගත් අංගයක් ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් පාලනය වන යුද්ධ හමුදා ගොවිපළවල් වලින් එදිනම බෙලිමල් දන්සැලක් ද පැවැත්වීය.
මෙම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසී බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.