651 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් දියත් කරයි
10th May 2023
65 පාබල සේනාංකයට අයත් 651 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් වෙල්ලන්කුලම ප්‍රදේශයේදී හකුරු සමඟ කොත්තමල්ලි දන්සලක් පැවැත්වීය.
65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 651 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ඩබ්ලිව්. බණ්ඩාර ගේ අධීක්‍ෂණය මත එම බලසේනාවේ භටපිරිස් 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සමඟ එක්ව පසුගිය සිකුරාදා (5) දින 1600 පැයේ සිට 1900 පැය දක්වා මෙම ඔසු පැන් දන්සල පැවැත්වූ අතර එහිදී, සිවිල් වැසියන් 500 කට අධික පිරිසක් වෙනුවෙන් ඔසුපැන් පිරිනැමිණි.
තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වෙසක් පොහොය නිමිත්තෙන් කිරි කෝපි සහ බනිස් දන්සැලක් ද පැවති අතර ඒ සඳහා බැතිමතුන් 600 කට අධික පිරිසක් සහභාගී වූහ.