ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක
18th October 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2024 ඔක්තෝබර් මස 15 දින 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිණැමීය. අනතුරුව, 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් පී.කේ. වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
එතුමන් වෙත ඒකක අණදෙන නිලධාරීතුමන් විසින් එම ඒකකයේ කාර්ය භාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මකව දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.