කමාන්ඩෝ භටපිරිස් පුංචි ලෝකාන්තයෙන් හමුවූ තරුණයාගේ මළ සිරුර පොලිසියට භාර දෙයි
16th October 2024
ඌව පළාත් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ 112 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සමීප අධීක්‍ෂණය යටතේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 16 දින කරනු ලැබූ මෙහෙයුමකින් පසුව අමානුෂික ලෙස ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් පුංචි ලෝකාන්තය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී
මෙම ඝාතනය 2024 ඔක්තෝබර් මස 01 දින සිදුවී ඇති බවට මඩොල්සිම පොලිසිය විසින් ප්‍රකාශ කරනු ලබන අතර, එම සිද්ධියෙන් පසු සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ 22 හැවිරිදි මෙම තරුණයා ඝාතනය කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා විසින් බවත්, පසුව ඔහුගේ සිරුර පුංචි ලෝකාන්තය ප්‍රදේශයට දමාගොස් ඇති බවත්ය.
මියගිය තරුණයාගේ සිරුර සොයා ගැනීමට සහ එම සිරුර රුගෙන ඒම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් මහත් පරිශ්‍රමයක් දරා පුංචි ලෝකාන්තය ප්‍රදේශයේ ප්‍රපාතය තරණය කර ඇත.
කමාන්ඩෝ රෙජිමේන්තු භටපිරිස් විසින් එම මෘත ශරීරය වැඩිදුර පරීක්‍ෂණ සඳහා මඩොල්සිම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.