මේජර් ජෙනරල් වයි බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී යුධ ශාරීරික අභ්‍යාස පුහුණු තරඟය - 2024, සාර්ථකව අවසන්
16th October 2024
සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මේජර් ජෙනරල් වයි බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී යුධ ශාරීරික අභ්‍යාස පුහුණු තරඟය - 2024, කලත්තෑව සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයහිදී 2024 සැප්තැම්බර් මස 29 දින සිට ඔක්තෝබර් මස 01 දින දක්වා පැවැත්විණි. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඒකක හයක් සහභාගී වූ අතර, එහිදී එම ඒකක සාමාජිකයන්ගේ විඳදරාගැනීම, යෝග්‍යතාවය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කරන ලදී.
අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් වයි බාලරත්නරාජා ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට උපහාර පිදීම වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම තරඟාවලියට එතුමන්ගේ පවුලේ සාමාජිකයන් අනුග්‍රාහකත්වය දැක්වීය.
මෙම තරඟාවලියේ ශූරතාව දිනාගත් 3 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් මේජර් ජෙනරල් වයි බාලරත්නරාජා අභියෝගතා කුසලානය සහ රුපියල් 100,000.00 ක මුදල් ත්‍යාගය හිමිකර ගත්තේය. දෙවන ස්ථානය හිමිකර ගන්නා ලද 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය රු. 60,000.00 ක් සහ තෙවන ස්ථානය හිමිකර ගන්නා ලද 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය රු. 40,000.00 ක් හිමිකර ගනු ලැබූහ. 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් වී.පී.ආර්.ටී. ධනංජය සෑම අතින්ම දක්‍ෂතම යුධ ශාරීරික අභ්‍යාස සෙබලා ලෙස තේරී පත්විය.
ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලද අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී සහභාගී විය.