ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරීන් සඳහා Lead-Acid බැටරි නඩත්තු කිරීමේ වැඩමුළුක්
14th October 2024
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා Lead-Acid බැටරිවල තාක්ෂණය සහ නඩත්තු කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් 2024 ඔක්තෝබර් මස 11 දින රත්මලාන ‘Elcardo’ කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි.
මෙම වැඩමුළුවට කර්මාන්තශාලාව තුල නිරීක්‍ෂණ සංචාරයක් සහ Lead-Acid බැටරි නිෂ්පාදනයේ නිෂ්පාදන ක්‍රියාවලීන් සහ නඩත්තු ක්‍රියා පටිපාටීන් පිළිබඳව ඇතුළත් විය. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ සාමාජිකයන් ගේ කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් එම රෙජිමේන්තුවේ සාමාජිකයින් හට වටිනා අත්දැකීම් ලබා දීම සඳහා මෙම වැඩසටහන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ විසින් ආරම්භ කරන ලදී.