56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ නිල සංචාරයක
14th October 2024
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 3 දින 563 පාබල බලසේනාව, 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකාය වෙත නිල සංචාරයක නිරත විය.
එතුමන්ගේ පැමිණීමත් සමඟ 563 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, එ්කක අණදෙන නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් විසින් සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
සංචාරය අතරතුර, සේනාංකාධිපතිතුමන් විසින් පාබල බලසේනාවේ සහ එ්කකයන්හි කාර්යභාරය, වගකීම් සහ මෙහෙයුම් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් වන ලදී. පසුව හමුදා සම්ප්‍රදායානුකූල භට පිරිස් ඇමතීමෙන් අනතුරුව, විශේෂ අමුත්තන්ගේ සමරු සටහන්පොත් සටහනක් තැබීය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.