ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගංවතුරින් අවතැන් වූවන්ගේ සුවදුක් විමසයි
15th October 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 14 දින ගංවතුරින් අවතැන්ව වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය සහ කොටුවිල ගාමිණී විද්‍යාලය යන ස්ථානයන්හි පිහිටුවා ඇති මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයින්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම ස්ථානයන්හි සංචාරයක නිරතවිය.
මෙම සංචාරයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර එම මධ්‍යස්ථානයන්හි නේවාසිකව සිටින පවුල් 130 ක පුද්ගලයින් 581 දෙනෙකුගේ ජීවන තත්ත්වය, ඔවුන් වෙනුවෙන් පවතින සනීපාරක්‍ෂක පහසුකම්, ආහාර පාන සහ වෛද්‍ය සේවාවන් ඇතුළු යටිතල පහසුකම් පිළිබඳ සොයාබැලීය.
මෙම සංචාරයට සමගාමීව, එතුමන් ගංවතුර තත්ත්වය කළමනාකරණය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ලබන කොළොන්නාව කළුපාලම ජල පොම්පාගාරයේද නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.
මෙම සංචාරය සඳහා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.