යුද්ධ හමුදා විශේෂාංග
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න ආර්එස්පී යූඑස්පී වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

දශක තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න ආර්එස්පී යූඑස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2023 මැයි මස 03 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බ්‍රිගේඩියර් ඒ.එස්.කේ වීරකෝන් යූඑස්පී පසුගිය සඳුදා (8) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දන්ත වෛද්‍ය ඒකකයේදී රාජකාරි භාරගන්නා ලදී.
පානළුව යුද්ධ හමුදා වෙඩිපිටිය පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක්

කොළඹ ෂෙරටන් හෝටලයේ (the Sheraton Hotel, Colombo) නිලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් පානළුව යුද්ධ හමුදා වෙඩිපිටිය පරිශ්‍රයේ ‘කුඹුක්’ පැළ 100 ක් සිටුවීමේ වැඩසටහනක් 2023 මැයි මස 03 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
විශේෂ බලකායේ නාගරික මෙහෙයුම් සඳහා භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් නව ගුවන්විදුලි සන්නිවේදන පද්ධතියක්

සුවිශේෂී අවස්ථාවන්හිදී ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කිරීමට සහ විශේෂ බලකායේ නාගරික මෙහෙයුම් වඩාත් කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමේ ආරක්‍ෂිත සන්නිවේදන පද්ධතියක් ලෙස 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් නවීකරණය කරන ලද ‘කූගර් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතිය’ (Cougar Radio system)...
ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්‍ෂක උපදේශක මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක

ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) නැගෙනහිර ප්‍රදේශයේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර පසුගිය බදාදා (අප්‍රේල් මස 26) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 33 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

‘ආදර්ශයෙන් පෙරමුණ ගනිමු’ තේමා පාඨය කොටගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිමානවත් 33 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2023 අප්‍රේල් මස 19 සිට 28 දින දක්වා කාලය තුළ පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවත්සර ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කෙරිණි.
අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 27) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිපාලන හා සුබසාධන කටයුතු, ක්‍රියාකාරී අංශයන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු භටපිරිස් පිළිබඳ දැනුවත්වීමේ අරමුණින් එම මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූවේය.
‘අභිමංසල – 3’ සුවතා නිකේතනයේ 9 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල – 3’ සුවතා නිකේතනයේ අභිමානවත් 9 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ කෙටි සැමරුම් උත්සවයක් පැවැත්විණි.
මුලතිව් බලප්‍රදේශයේ කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කෙරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බලප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු වල පහසුව සඳහා කාන්තා සෙබළියන්ගේ දායකත්වයෙන් ‘ක්‍ෂණික විහිදුම් කාන්තා යතුරුපැදි කණ්ඩය’ ලෙස කාන්තා යතුරුපැදි කණ්ඩායමක් පසුගියදා ආරම්භ කරනු ලැබීය.
ඉදිරි නඩත්තු පෙදෙස - උතුර නව ආඥාපති රාජකාරි අරඹයි

කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - උතුර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එස්.ඒ. පතිරණ ආර්එස්පී පසුගිය බදාදා (19) දින රාජකාරි භාරගත්තේය.