යුද්ධ හමුදා විශේෂාංග

Clear

10 ශ්‍රි ලංකා පාබල හමුදාවේ මුලිකත්වයෙන් පලිනගර් හි දෘශ්‍යාබාධිතයින් සඳහා වෛද්‍ය කඳවුරක්

2024-03-15

පලිනගර් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් 2024 මාර්තු මස 14 දින 10 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ නව ‘ස්වයං සරඹ පුහුණු ප්‍රදේශය’ විවෘත කරයි

2024-03-14

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘ස්වයං සරඹ පුහුණු ප්‍රදේශය’ (Drill Nursery) (මාර්තු මස 01) දින භටපිරිස් සදහා විවෘත කෙරිණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ප්‍රථම බලකාධිපති බ්‍රිගේඩියර් ජී.වී. ඇලපාත (විශ්‍රාමික) වීඑස්වී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගි විය.


22 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් කොත්තමල්ලි බෙදාදීමේ වැඩසටහනක්

2024-01-14

22 පාබල සේනාංකයේ භටපිරිස් ගම්වාසීන් සමඟ එක්ව ත්‍රිකුණාමලය හනුමාන් කෝවිලේ වාර්ෂික පූජාවට සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් කොත්තමල්ලි බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින ක්‍රියාත්මක කරනු ලැබීය.


ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 68 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2023-12-22

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 68 වන සංවත්සරය මෝදර, රොක් හවුස් හි එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින සමරනු ලැබීය.


අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

2023-12-20

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35කට අධික කාලයක් රාජකාරි කළ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවේගයට පත් හමුදා සාමාජිකයින් සහ සිය පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින සන්ධ්‍යාවේ සිදුකෙරිණි.


යුද්ධ හමුදා යුධ විද්‍යාලයීය සම්මන්ත්‍රණය - 2023, සාර්ථකව පවත්වයි

2023-12-19

හමුදා ප්‍රධානීන්, විද්වතුන් සහ ප්‍රවීණයන් එක්ව බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින ‘යුද්ධ හමුදා යුධ විද්‍යාලයීය සම්මන්ත්‍රණය - 2023‘ පැවති අතර, එහිදී පස්වන පරම්පරාවේ සංග්‍රාමික බලපෑම (දැනුම්වත්වීම සහ තොරතුරු) සහ ශ්‍රී ලාංකික සංදර්භයේ ඇති ඇති අභියෝග මැයෙන් දේශනයන් පැවැත්වීය.


නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් පත් කරයි

2023-12-16

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ, දෙසැම්බර් මස 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා පත්කර ඇත.


යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් සේරුවාවිල දහම් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කරයි

2023-12-13

22 පාබල සේනාංකයේ හා 222 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි පරිත්‍යාගශීලී පිරිසකගේ අනුග්‍රාහකත්වය ඇතිව සේරුවාවිල රජමහා විහාරයේ ශ්‍රී සුමේදන්කර දහම් පාසලේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සදහා පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය හා පොත් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින සිදුකරනු ලැබීය.


24 පාබල සේනාංකයේ 10 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

2023-12-05

24 පාබල සේනාංකයේ අභිමානවත් 10 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 2023 නොවැම්බර් මස 27 දින සංවත්සර සැමරුම් උත්සවයක් සංවිධානය කෙරිණි.


ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි, 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සංචාරයක

2023-12-03

ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 29) දින නෙළුම්කුලම, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිල සංචාරයක නිරත විය.