යුද්ධ හමුදා විශේෂාංග

Clear

කිලිනොච්චිය ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ ප්‍රදේශයේ නීතිවිරෝධී සහ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා එක් වෙයි

2023-11-20

553 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආරක්‍ෂාව වැඩි කිරීමේ සාමූහික උත්සාහයක් වශයෙන් යුද්ධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින 55 පාබල සේනාංක මූලස්ථානයේ රැස්වී සාකච්ඡාවක නිරත වූහ.


අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

2023-11-18

කුඩාඔය ප්‍රදේශයේ ස්ථාපිත කමාන්ඩෝ පුහුණු පාසලේදී අභාවප්‍රාප්ත...


ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඉන්දියාවේ පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය සඳහා සහභාගී වෙයි

2023-10-27

ඉදිරියේදී පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාස 19’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සහභාගී කරවීම සඳහා පැවැත්වෙන අවසන් සැලසුම් සම්මන්ත්‍රණය ඔක්තෝබර් මස 19 සිට 21 දින දක්වා කාලය තුළ ඉන්දීය හමුදාවේ පූනේ ප්‍රදේශයේ ස්ථාපිත 330 පාබල බලසේනා මූලස්ථානයේ පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.


ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2023-10-21

ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ උපදෙස් මත 2023 ඔක්තෝම්බර් මස 15 දින සිට 19 දින දක්වා ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.


යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහන් මාලාවක්

2023-09-25

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 511 පාබල බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පුත්තූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 48 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, එක් සිසුවෙකු සඳහා රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පාර්සලය බැගින් පරිත්‍යාග කෙරිණි.


233 පාබල බලසේනාවේ භටපිරිස් කතිරවේලි සරස්වතී පෙර පාසල ප්‍රතිසංස්කරණය කරයි

2023-08-18

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සුබසාධන ව්‍යාපෘතියක් දියත්කරමින් කතිරවේලි, පුදූර් හි පිහිටි ‘සරස්වතී’ පෙරපාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ඉකුත් ඉරිදා (අගෝස්තු 13) දින නිල වශයෙන් බලධාරීන් වෙත භාර දෙනු ලැබීය.


යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලියේ ජය ගජබා රෙජිමේන්තුවට

2023-08-12

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය පසුගිය බදාදා (09) දින මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංනේරු බලකා ස්කොෂ් පිටියේදී පැවැත්විණි. එහිදී, දින දහයක් පුරාවට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් තරඟ ඉසව් 11 ක් යටතේ ක්‍රීඩකයින් තරඟවැදිණි.


47 වන ජාතික ක්‍රීඩා උළෙලේ කායවර්ධන ඉසව්වෙන් යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

2023-08-09

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වෙතින් සංවිධානය කරනු ලබන 47 වන ජාතික ක්‍රීඩා උළෙලේ...


ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ දායකත්වය මත ‘මනුසත් දෙරණ’ 61 වන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

2023-08-04

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව සමඟ ඒකාබද්ධව ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘මනුසත් දෙරණ’ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 61 වන වැඩසටහන උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළ පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුලි මස 29) දින ක්‍රියාත්මක කරන ලදී.


යුද්ධ හමුදා භටපිරිස් හබරණ ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපවත්වයි

2023-07-21

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 7 සහ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 140 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හබරණ, තලපත්කන්ද, හතරැස්කොටුව ප්‍රදේශයේ පසුගිය බදාදා (ජූලි මස 19) දින ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා සිය දායකත්වය දැක්වූහ. මෙම ලැව්ගින්න විශාල ගස් සහ පඳුරු වලින් සමන්විත වනාන්තරයේ වර්ග කිලෝමීටර් 7 ක් පුරාවට පැතිර ගොස් තිබිණි.